by Staff writer 15-06-2022 | 8:19 AM
COLOMBO (News 1st) - දින 04 කට පසු අද (15) යළි පාසල් ආරම්භ වේ.
ඒ, ඉන්ධන නොමැතිව පොදු ප්‍රවාහන සේවා අඩාල වී ඇති පසුබිමකදීය.
දරුවන්ට මෙන්ම ගුරුවරුන්ට අද පාසලට පැමිණීමට බස් සහ වෑන් රථ ප්‍රමාණවත් වෙයි ද ?
අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිචන්ද්‍ර මහතා පැවසුවේ, දිවයින පුරා පාසල් ළමුන් ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වන්නේ 30% ක් පමණක් බවයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකම පාසල් ළමුන් ප්‍රවාහන සේවාව අද දිනයේ අඩාල වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
සිසු සැරිය යටතේ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා අමතර බස් රථ 20 ක් ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ ය.
මේ අතර ඉන්ධන අර්බුදය පැවතිය ද දීර්ඝ සති අන්තය නිම කර කොළඹ එන ජනතාවට උපරිම සේවා සැලසීමට පියවර ගෙන ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, දුර ගමන් සේවා බස් රථ සියල්ලම අද දිනයේ ධාවනයට එක් කළ බවයි.
කෙසේවෙතත් ගම් බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීමට දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සම්පුර්ණයෙන් ධාවනයට එක් කිරීමට හැකියාවක් නොමැති බව, පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
අද සිට නව දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබේ.