සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම්දීමක්

සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

by Staff Writer . 14-06-2022 | 11:55 AM

COLOMBO (News 1st) :   සිය සුදුසුකම් සහිත අයදුම්පත්‍රයක් පොලිස්පතිවරයාට යොමු කරන ලෙස දිවයිනේ සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම්දීමක් සිදු කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, එම අයදුම් පත්‍රයට සිය සේවා කාලය, සේවා ස්ථාන සහ වෘත්තීය සුදුසුකම් ඇතුළත් විය යුතු බවයි. එලෙස අයදුම්පත්‍ර එවන ලෙස දන්වා ඇත්තේ ස්ථානාධිපතිවරුන් පත් කිරිමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අරමුණිනි. මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, ලබන 18 වනදාට පෙර එම අයදුම්පත්‍ර පොලිස්පතිවරයා වෙත එවිය යුතු බවයි. පොලිස්පතිවරයා රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති වාර්තාවකට අනුව පොලිස් ස්ථාන සඳහා ස්ථානාධිපතිවරුන් පත් කිරීමට අදාළව පොලිස් දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත , විධිමත් ක්‍රමවේදයක් නොමැති බව පසුගියදා අනාවරණය විය.