යුක්‍රේන ජනපතිගෙන් එරට ජනතාවට පොරොන්දුවක්

ජනපති සෙලෙන්ස්කිගෙන් යුක්‍රේන ජනතාවට පොරොන්දුවක්

by Staff Writer . 14-06-2022 | 4:30 PM

COLOMBO (News 1st) – රුසියාව විසින් පාලනයට නතු කරගනු ලැබූ යුක්‍රේනයේ සියලු ප්‍රදේශ මුදා ගන්නා බවට යුක්‍රේන ජනාධිපතිවරයා එරට ජනතාවට පොරොන්දු වී තිබේ.

ඒ ජාතිය අමතා ජනතාව දිරිගන්වන සුලු විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සියලු නගරවල ජනතාවගේ ආරක්ෂව තහවුරු කිරීමට කටයුතු කරන බවයි . මේ අතර රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ පුද්ගලයින් 5 දෙනෙකු මිය යාමත් සමග මිය ගිය සමස්ත පිරිස 33 දක්වා ඉහළ ගියේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගැටුම්වලින් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි . මේ අතර යුක්‍රේනය එල්ළ කරන ශෙල් වෙඩි ප්‍රහාරවල ද වර්ධනයක් ඇතැයි, විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි . ගැටුම් අතරතුර එල්ල වූ ශෙල් වෙඩි ප්‍රහාරවලින් ඩොනෙට්ස්ක්හී රෝහලකට ද අලාභානී සිදුව තිබේ.