by Staff Writer . 14-06-2022 | 7:32 PM
COLOMBO (News 1st); මහියංගණය, හසලක පාලම අසලින් මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.
පොලිසිය පැවසුවේ, අවුරුදු 16 ක වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි.
අප වාර්තාකරු පැවසුවේ, තම පවුලේ ඥාතීන් සමග අද දින මහියංගන චෛත්‍යය වන්දනා කිරීම සඳහා පැමිණ ඇති අතර ඉන්පසු මහවැලි ගඟේ දිය නෑමට ගිය අවස්ථාවේ දී ඔහු දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.
අතුරුදන් වූ සිසුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.