පළාත් කිහිපයකට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි.. කාලගුණෙන් අනාවැකි

by Sagarika Chathumali 14-06-2022 | 2:31 PM

COLOMBO (News 1st) –  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව, නැගෙනහිර, මධ්‍යම, සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.