by Staff Writer . 14-06-2022 | 7:49 PM
COLOMBO (News 1st); දින 7 ක් කෙරවලපිටිය තල්දියවත්ත මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ ගෑස් නැවට ගෙවීම් කටයුතු කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇමෙරිකානු ඩොලර් මිලියන 3.9 ක් ගෑස් නැව සඳහා ගෙවීමට සිදුවූ බවයි.
පසුගිය 07 වනදා මෙරටට පැමිණි එම නෞකාවට ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි 2 ට ආසන්න මුදලක් ගෙවීමට ද සිදුවේ.
මේ අතර හෙට සිට යළි ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සඳහන් කළේ ය.
මේ අතර මාස ගණනකට පසු මාතර, පිලියන්දල, බලංගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දිනයේ ලාෆ් ගෑස් පැමිණි අතර, බෙදා හැරීමේ ක්‍රමවත් නොවීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.
ඇතැම් ප්‍රදේශවල ටෝකන් ක්‍රමයක් හඳුන්වා දි තිබුණත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ජනතාවගෙන් චෝදනා එල්ල විය.
මේ හේතුවෙන් බෝහෝ ප්‍රදේශවල ගැස් බේදා හැරිම සිදු වුණේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.