කාන්තාවක් පැහැර ගෙන කප්පම් ගන්න හැදූ 4 ක් කොටු

කාන්තාවක් පැහැර ගෙන කප්පම් ගන්න හැදූ 4 ක් කොටු

by Staff Writer . 14-06-2022 | 4:17 PM

COLOMBO (News 1st); පුවරසන්කුලම, වාරිකුට්ටූර් ප්‍රදේශයේදී කාන්තාවක පැහැර ගෙන ගොස් නිවසක සිරකර කප්පම් ලබාගැනීමට තැත් කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, සැකකරුවන් අදාළ කාන්තාවගේ දියණියට දුරකතන ඇමතුමක් දී තම මව නිවසක සිරකර ඇති බවත් රුපියල් ලක්ෂ 5 ක මුදලක් ලබාදෙන්නේ නම් මුදාහරින බවත් පවසා ඇති බවයි. සැකකරුවන් දියණියට තර්ජනය කර ඇත්තේ, එසේ නොමැති වුවහොත් මවට වෙඩි තබන බවටයි. කෙසේ වෙතත් අපරාධකරුවන්ට මුදල් ලබාදීම සඳහා දියණිය යොමු කරන මුවාවෙන් සුක්ෂම ලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අදාළ කාන්තාව බේරා ගත් බව පොලිසිය සඳහන් කළේ ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 26 හා 29 යන වයස්වල පසුවන වවුනියාව, කිලිනොච්චිය, හා මුලතිව් යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව් දෙනෙකි. සැකකරුවන් අද වවුනියාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.