by Staff Writer . 14-06-2022 | 2:33 PM
COLOMBO (News 1st) – අම්බලන්තොට, කොච්චම මුහුදේ ගිලීමෙන් පුද්ගලයින් 03 දෙනෙකු අතුරුදන්ව තිබේ.
පොලිසිය සඳහන් පැවසුවේ, මව, පුතා සහ තවත් ඥාති පුත්‍රයෙකු එලෙස අතුරුදන්ව ඇති බවයි.
මවගේ වයස අවුරුදු 55 ක් වන අතර පුත්‍රයාගේ වසය අවුරුදු 16 කි.
අතුරුදන්ව ඇති සෙසු ඥාති පුත්‍රයාගේ වයස අවුරුදු 22 කි.
ඔවුන් අද උදෑසන කොච්චම මුහුදට ගිය අවස්ථාවේදි මෙම අනතුරට ලක්ව තිබේ.
පොලිසිය පැවසුවේ, අනතුරින් එක් අයෙකු දිවි ගලවාගෙන ඇති බවයි.
අතුරුදන්වූ පුද්ගලයින් තිදෙනා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.