ශීඝ්‍රයෙන් ප්‍රශ්න විසඳීමට බැරි වීම ගැන කනගාටුයි

ශීඝ්‍රයෙන් ප්‍රශ්න සියල්ල විසඳීමට නොහැකිවීම ගැන කනගාටුයි - අගමැති

by Staff Writer . 14-06-2022 | 10:20 PM

COLOMBO (News 1st); කඩිනමින් රටේ ගැටලු විසඳීමට නොහැකි වීම ගැන තම කනගාටුව ප්‍රකාශ කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තෙල් ගෑස් අර්බුදය විසඳීමට පියවර ගන්නා ආකාරය මෙන්ම සහ විදෙස් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳවත් අග්‍රමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේ ය. අග්‍රාමාත්‍යවරයා පැවුසවේ, ඊයේ මුදල් ගෙවා ගොඩබාමින් පවතින නැවේ ගෑස් මෙට්‍රික් ටොන් 3500 බෙදා හැරීමේදී රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වෙත ප්‍රමුඛත්ව ලබාදෙන බවයි. තවද අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ඉන් පසු පැමිණෙන නැව්වලින් මාස 4 ක් සඳහා ගෑස් සපයා ගත හැකි බවයි. දැනට පවතින ආකාරයට එය ලබා ගැනීමට දින 14 ක් ගත වන නමුත් ඊට පෙර එක් නැවක් හෝ ගෙනඒමට සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය. ඉන්ධන ලබා ගැනීම පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, ඉන්දියාව සමග අලුත් ණය ගිවිසුම අත්සන් කළ පසු මාස 4ක කාලයක් සඳහා ඉන්ධන සපයා ගත හැකි බවයි. කෙසේ වෙතත් ඉන්ධන සැපයීම සිදු කරනුනේ, 50% පදනමකින් බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය. අගමැති කළ ප්‍රකාශය පහතින්...