by Staff Writer . 13-06-2022 | 10:50 PM
COLOMBO (News 1st): අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමග දුරකථන සංවාදයක නිරත වි තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡාවල වත්මන් තත්ත්වය අගමැතිවරයා එහිදී පැහැදිලි කර ඇති අතර ශ්‍රී ලංකාව - ඇමරිකා එක්සත් ජනපදය සමග සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවන බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
මෙහිදී ඇන්ටනි බ්ලින්කන් මහතා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට එකඟ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී එකඟවී ඇත්තේ IMF සාකච්ඡා අවසන් වූ පසු ශ්‍රී ලංකා