by Staff Writer . 13-06-2022 | 8:27 PM
COLOMBO (News 1st) - සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සියලුම ආයතනවලට මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට සහ රටට මෙන්ම සියලුම සංචාරක පාර්ශ්වකරුවන්ට විදේශ ආදායමක් ගෙන ඒමට උපකාරී වනු ඇති බවය.