වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට නියම වන දඩය?

වැඩි මිලට සහල අලෙවි කරන්නන්ට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා දඩ - පාරිභෝගික අධිකාරිය

by Staff writer 13-06-2022 | 8:24 AM

COLOMBO (News 1st) –  වැඩි මිලට සහල අලෙවි කරන ව්‍යාපාරිකයෙකුට එරෙහිව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා වූ දඩ නියම කිරීමේ හැකියාව ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ, අසේල බණ්ඩාර මහතා පැවසුවේ, එමෙන්ම අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව මාස 6 ක සිරදඬුවම් ලබා දීමේ හැකියාව ද පවතින බවයි. වැඩි මිලට සහල් අලෙවි කරන සහ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් සොයා දීප ව්‍යාප්තව වැටලීම් ක්‍රියාත්මක බව ඔහු පැවසුවේය.