COLOMBO (News 1st) – දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් තමන් පසුගිය දා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
" ඔබ දන්නවා මම ප්‍රචණ්ඩත්වය සියලුම ආකාරවලින් හෙළා දකිමින් එයට ප්‍රචණ්ඩත්වය අවුලන ප්‍රකාශ සිදු කරලා නෑ. මම නියෝජනය කරන්නේ සමාජයේ දශක තුනක් තිස්සේ බැට කාපු ජනතාවක්. මම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සිතුම් පැතුම් වෙනුවෙන් කතා කරලා තියෙනවා. සාමය සහයෝගිතාව වෙනුවෙන් වැඩකරලා තියෙනවා.''
යනුවෙන් එම ලිපියේ සඳහන් ය.
මැයි 9 වැනිදා ජනතාව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණේ ඔවුන්ව නියෝජනය කරන ජනතා නියෝජිතයින් ඔවුන්ගේ අවශ්‍යතා, ප්‍රශ්න, දුක්ගැනවිලි පාර්ලිමේන්තුවේ ප්‍රකාශ නොකළ බැවින් යනුවෙන් එහි සඳහන් ය.
"ජනතාවට හිතෙන්න ඇති ඔවුන් ඡන්දයෙන් පත් කරගත් නියෝජිතයින් ඔවුන්ගේ ප්‍රධාන වගකීම වන ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කිරීමට අසමත් වුණා කියලා "
යන ප්‍රකාශය ප්‍රකාශය වරදවා වටහාගෙන තමන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලියට සහාය දක්වන බවක් හැගී යන්නට ඇතැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.
ෂනක්කියන් රාසමාණික්‍කම් මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳා කඩිනම් සහන සැලසීමට ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීමට තමන් උපරිම සහය දෙන බවයි.