by Staff Writer . 13-06-2022 | 12:13 PM
COLOMBO (News 1st) – ඉදිරි දින තුන ඇතුළත තවත් ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ළඟා වීමට නියමිත බව ඛණිජ තෙල් අමාත්‍යංශය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ පෙට්‍රල් රැගත් නෞකාවක් සඳහා ඇනවුම් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි.
රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවට ඛණිජ තෙල් අමාත්‍යංශය යළිත් තහවුරු කළේ ය.
මේ අතර ප්‍රවාහනය සඳහා ලැබන ඉන්ධන ඇණවුම් ප්‍රමාණය අඩුවී ඇතැයි ,ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.
එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මේ වන විට බෙහෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බවයි.
ඉන්ධන නොපැවතිය ද පිරවුම්හල් ආශ්‍රිත පෝලිම් තවත් දීර්ඝ වී ඇති බව සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසී ය.
ප්‍රදේශ රැසක ගෑස් සිලින්ඩර් ලබා ගැනීමට ද අදත් දිගු පෝලිම් පවතින බව අප වාර්තාකරුවෝ පැවසූහ.