by Staff Writer . 13-06-2022 | 4:54 PM
COLOMBO (News 1st):අනිද්දා (15) සිට නව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, කොළඹ සිට මහනුවර දක්වා ශ්‍රීඝාගාමී සුඛෝපභෝගී දුම්රියක් දිනපතා ධාවනයට එක් කරන බවයි.
කැලණිමිටියාවත දුම්රිය මාර්ගයේ වග සිට කොළඹට අලුතින් කාර්යාල දුම්රියක් ප්‍රවාහන පද්ධතියට එක්වනු ඇති.
මීට අමතරව ලබන ගල්කිස්ස සිට යාපනය දක්වා සති අන්තයේ ශීඝ්‍රගාමි සුඛෝපභෝගී විශේෂ දුම්රියක් ධාවනයට එක් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ, අත්හදා බැලීමක් ලෙස ආරම්භ කළ කොළඹ - අනුරාධපුර ශීඝ්‍රගාමී දුම්රිය ස්ථාවර දුම්රියක් බට දුම්රිය ප්‍රවාහන පද්ධතියට එකතු වනු ඇති.