by Staff Writer . 12-06-2022 | 9:24 PM
COLOMBO (News 1st) – විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හෙට (13) දින විවෘතව තැබෙන බව, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, උදෑසන 7.30 සිට පස්වරු 4.30 දක්වා සීමිත සේවා සඳහා විවෘත කෙරෙනු ඇති.
මීට සමගාමීව යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල ද හෙට දින විවෘතව තැබෙන බව, විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.