වත්මන් ජනාධිපතිවරයා ඉන්දීය රූකඩයක් වෙලා..

වත්මන් ජනාධිපතිවරයා ඉන්දීය රූකඩයක් වෙලා.. - සර්ව පාක්ෂික අරගලකරුවන්

by Staff Writer . 12-06-2022 | 9:57 PM

COLOMBO (News 1st) –  වත්මන් ජනාධිපතිවරයා ඉන්දීය රූකඩයක් බවට පත්ව ඇතැයි සර්ව පාක්ෂික අරගලකරුවන් නිවේදනය කරයි.

සර්ව පාක්ෂික අරගලකරුවන් සඳහන් කරන්නේ, මාතෘ භුමිය ආරාජික කරමින් ආර්ථිකය බංකොලොත් කළ ගෝඨාභ්‍ය රාජපක්ෂ නම් ආසාර්ථක පාලකයා , ජනබලයක් නොමැතිව , බංකරයක් තුළ හිඳිමින් ඉන්දු - අමෙරිකානු දේශපාලන උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශයෙන් සනාථ වූ බවයි. මේ අසීරු මොහොතේ අප රටට ලබාදෙන ආර්ථිකමය ආධාර උපකාර පිළිබඳව ඉන්දියාවට කෘතඥතාවය පල කරන සර්ව පාක්ෂික අරගලකරුවන්, ඒ මුවාවෙන් ස්වෛරී ස්වාදීන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට රාජ්‍ය පාලනය පිලිබඳ තීරණ ගැනීම සඳහා ව්‍යවස්ථාපිතව හා ජාත්‍යන්තර නීතී යටතේ ඇති නිදහසට අභියෝග කිරීමට මෝදි අගමැතිවරයාට කිසිදු අයිතියක් නොමැති බව අවධාරණය කරයි. විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශය යම් හෙයකින් අසත්‍ය නම් , කෝප් කමිටුව නොමග යැවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බව පවසන අරගලකරුවන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙරට සම්පත් රාජපක්ෂලාගේ බූදලයක් නොව අප රටේ දුක්විදින මිනිසුන්ගේ සහ අනාගත පරපුරට ද අයක් රටේ උරුමයක් බව ඉන්දු අමෙරිකානු රූකඩ ජනාධිපතිවරයා මතක තබාගත යුතු බවයි.