by Staff Writer . 12-06-2022 | 1:04 PM
COLOMBO (News 1st) - රඹුක්කන දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක මැදිරියක් තුළ තිබී එල්ලී මියගොස් සිටි පුද්ගලයකුගේ සිරුරක් අද (11) අලුයම සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔහුගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති බවය.
අලුයම 4.40 ට පමණ රඹුක්කන දුම්රිය ස්ථානයෙන්, දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පෙර රියැදුරු සහායක දුම්රිය පරික්ෂා කිරීමේදී මෙම සිරුර සොයාගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ, අවුරුදු 60 ක පමණ වයසැති එම පුද්ගලයා සුදු සරමකින් සහ රතු කළු මිශ්‍ර අත්දිග කමිසයක් ඇඳ සිටින බවයි.
මියගිය පුද්ගලයා සන්තකයේ තිබී පොල්ගහවෙල සිට බණ්ඩාරවෙලට ලබාගත් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ද තිබී සොයාගත් බව පොලීසිය පවසයි.
සිරුර සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය අද (11) පැවැත්වීමට නියමිතය.