by Staff Writer . 12-06-2022 | 4:11 PM
COLOMBO (News 1st) – මැයි 09 වැනිදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ තවත් සැකකරුවන් 21 දෙනෙකු ඊයේ (11)අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ , ඒ අතරින් සැකකරුවන් 8 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ බවය.
පසුගිය මැයි 09 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම් සංඛ්‍යාව 857 කි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 2,725 වන අතර රක්ෂිත බන්ධනාගාරගත ඇති සංඛ්‍යාව 1,083 ක් බව පොලීසිය සඳහන් කළේ ය.