භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුභාවය ලංකාවට ඇවිත්..

භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුභාවය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට ඇවිත් - රාහුල් ගාන්ධි

by Staff Writer . 12-06-2022 | 9:39 PM

COLOMBO (News 1st) –  භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුභාවය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට ද පැමිණ ඇතැයි, ඉන්දීය කොංග්‍රස් මන්ත්‍රී රාහුල් ගාන්ධි සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ මතභේදාත්මක බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.