පාසල් නිවාඩුව සීමා කිරීමේ තීරණයක්..

පාසල් නිවාඩුව සීමා කිරීමේ තීරණයක්..

by Staff Writer . 12-06-2022 | 4:06 PM

COLOMBO (News 1st) – වාර්ෂික පාසල් කාලසටහන් අනුව ලබාදෙන පාසල් නිවාඩු දින ගණන යම් තරමකට සීමා කිරීමට තීරණය කර තිබේ.

ඒ, අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සහ වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවකදී ය. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, වාර්ෂිකව ආවරණය කළ යුතු කාලච්ඡේදවලට බාධාවක් නොවන ලෙස පාසල් පැවැත්වීමට ද තීරණය කර ඇති බවයි. අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබා දෙමින් පාසල් පැවැත්වීමට කටයුතු කරන්නැයි, අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි ද, අමාත්‍යවරයා පැවසුවේ ය. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, සිසුන් පාසල් වෙත පැමිණීමේදී ඇතිවන ප්‍රමාදයන්, නිළ ඇදුම්වලට අදාළ ගැටලු1 මුල්කරගනිමින්, අධ්‍යාපන කටයුතුවලට බාධා නොකරන ලෙසය. මේ අතර, ඉන්ධන අර්බුදය හමුවේ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අතිරේක බස් රථ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය එකඟ වී ඇතැයි, අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, හඳුනා ගත් මාර්ගවලට දුම්රිය කිහිපයක් එක් කිරීමට ද අවධානය යොමු ව ඇති බවයි.