ඉන්ධන ලබා දීමේ කෝටා ක්‍රමය ජූලි පළමු සතියේ සිට

පාරිභෝගිකයින් පිරවුම්හල්වල ලියාපදිංචි කර සතිපතා කෝටාවක් ලබාදීම හැර වෙනත් විකල්පයක් නැහැ. - ඇමති කංචන විජේසේකර

by Staff Writer . 12-06-2022 | 12:14 PM

COLOMBO (News 1st) - ඉන්ධන නිකුත් කිරීමට පාරිභෝගියින් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කර සතිපතා කෝටාවක් ලබාදීම හැර වෙනත් විකල්පයක් නොමැති ව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ජූලි පළමු සතියේ සිට එම ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි. මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමටත් පැය 24 පුරාවට විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ස්ථාවර ඉන්ධන සැපයීමකටත් හැකිවන තෙක් පාරිභෝගිකයින් පිරවුම්හල ලියාපදිංචි කර ඔවුන්ට සහතික සතිපතා කෝටාවක් ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. පැය 4ක විදුලිබල සැපයුම වෙනුවෙන් ඩීසල්, දැවි තෙල් හා නැප්තා සඳහා අමතරව ඩොලර් මිලියන 100ක් අමතරව වැය වන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. ඔහු කියා සිටියේ ගෑස් හිඟය හේතුවෙන් විදුලිය හා භුමිතෙල් සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි. මාස 4 කට පෙර ඩොලර් මිලියන 200 ක් තිබූ මාසික ඉන්ධන වියදම මේ වනවිට ඩොලර් මිලියන 750 දක්වා ඉහළ ගොස් ඇතැයි ද අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.