ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ජනපතිගෙන් සුබ පැතුම්!

''එය සැබැවින්ම විස්මයජනක නිමාවක්'' - ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් සුබ පැතුම්!

by Chathuranga Rajapaksha 12-06-2022 | 2:40 PM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාව සමග ඊයේ(11) පැවති තුන්වන සහ අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය විශිෂ්ට ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.

ඒ, සිය නිල ෆේස්බුක් ගිණුම හරහායි. ''එය සැබැවින්ම විස්මජනක නිමාවක්'' බව ජනපති සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ. ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 04ක තියුණු ජයක් හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. නායකත්වයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 25කදී ලකුණු 54ක් නොදැවී ලබා ගත්තේය.