ගිනි අවි නීති දැඩි කරන්න - අමෙරිකානුවන් විරෝධතාවයක

අමෙරිකාවේ ක්‍රියාත්මක ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන්නැයි ඉල්ලා අමෙරිකානුවන් විරෝධතාවයක

by Staff Writer . 12-06-2022 | 8:47 AM

COLOMBO (News 1st) - අමෙරිකාවේ ක්‍රියාත්මක ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන්නැයි ඉල්ලා එරට වැසියන් විරෝධතාවයේ නිරත වේ.

විරෝධතාකරුවන් පවසන්නේ මෑත කාලීනව පමණක් සමූහ වෙඩි තැබීම් දෙකක් සිදුව ඇති බවයි. පසුගිය මැයි 24 වැනිදා ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 19 දෙනෙකු මිය ගියේය. එම ප්‍රහාරයට දින කිහිපයකට පෙර නිව්යෝර්ක්හි සිදු වූ වෙඩි තැබීමකින්‍ පුද්ගලයන් 10 දෙනෙකු මිය ගිය බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.