චීනයෙන් තවත් ආහාර හා ඖෂධ තොගයක්

හදිසි මානව සහනාධාර වෙනුවෙන් යුවාන් මිලියන 500ක පරිත්‍යාගක් ශ්‍රී ලංකාවට - චීන තානාපති

by Staff writer 11-06-2022 | 9:11 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයේදී සෞඛ්‍ය ආධාර ලබාදෙන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොන්ග් අදහස් පළ කර තිබේ.

චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලට වසරක් පිරිම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් අද (11) පොළොන්නරුවේදී පැවැත් විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවයට සෞඛ්‍ය බලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්ග්හොංග් මහතා,
වර්තමානයේදී ශ්‍රී ලංකාව ගොඳුරු වෙලා ඉන්නවා ආර්ථික අර්බුදයට. චීනය හොඳින් මේ තත්ත්වය අවබෝධ කරගත්තා. හදිසි ජන ජීවිතය සම්බන්ධ සහන ලබාදීමට පැකිලීමක් නැහැ. එක විශේෂයෙන්ම සෞඛ්‍ය අංශය ඒවාවලින් වැදගත්ම අංශයයි. පහුගිය සතියේ චීන ආණ්ඩුව ප්‍රකාශ කරා හදිසි මානව සහනාධාර යුවාන් මිලියන 500ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනවා කියලා. පහුගිය තුන් වෙනිදා පළවෙනි තොගයේ ඖෂධ කොළඹට පැමිණියා. ඒ වගේම විශාල ප්‍රමාණයක ආහාර හා ඖෂධ යම් යම් ද්‍රව්‍ය තොගයෙන් තොගයට පැමිණීමට නියමිතයි
මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඊයේ (10) පොළොන්නරුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේදී ද රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට හැකි සෑම සහයක්ම ලබා දෙන බවට පොරොන්දු වී තිබුණි.