ශ්‍රී ලංකාව ගෞරවය රැක ගනීවිද?

ශ්‍රී ලංකාව 3-0 පූර්ණ තරගාවලි පරාජයෙන් බේරෙයිද?

by Staff writer 11-06-2022 | 7:51 AM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන අවසන් තරගය අද(11)පැවැත්වෙයි.

තරග 3කින් සමන්විත තරගාවලියේ පැවැති තරග දෙකම ඔස්ට්‍රේලියාව ජය ගත්තේ ය. පළමු 20 යි 20 තරගයේදී ආබාධයකට ලක් වූ ඔස්ට්‍රේලියා වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් මෙම තරගයට ද සහභාගි වන්නේ නැත. අද තරගය රාත්‍රි 7.00 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ නියමිතය.