by Staff writer 11-06-2022 | 9:54 PM
COLOMBO (News 1st) - අඩු කාලයකින් ගුණාත්මක රාජ්‍ය සේවයක් ලබාදීම සහ සේවක තෘප්තිය ඉහළ දැමීම ඉලක්ක කර ගනිමින් රාජ්‍ය සේවය පිළිබඳ විධිමත් අධ්‍යනයක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශ කාර්යභාරය සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ(10) පැවති විශේෂ සාකච්ඡාවකදීය.
එකම සේවාවක් ලබාදීම සඳහා වන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.
අගනගරයේ වූ ප්‍රධාන රාජ්‍ය ආයතන පළාත්වලට විමධ්‍යගත කිරීමෙන් රාජ්‍ය සේවකයා කොළඹට පැමිණීම අවම කරගත හැකි බව ජනාධිපතිතුමා පවසන තවත් කරුණක් ය.
රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් පවතින විනය පරීක්ෂණ කඩිනම් කිරීමටත් රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් ලබා ගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් විය.
රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව “එක්ව වවමු - රට දිනවමු” ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කිරීමට ද තීරණය කෙරිණි.
ඒ, ඒ, ප්‍රදේශවල වගා කිරීම සඳහා සුදුසු බෝග නිවැරදිවම හඳුනා ගැනීමේ අවශ්‍යතාව නිලධාරීන් පෙන්වා දී තිබේ.
කෘෂිකර්මාන්තයේ දී තරුණයින්ට ප්‍රමුඛතාව ලබා දී වැඩි ඵලදායීතාවක් ළඟා කර ගැනීමට සහ නව තාක්ෂණය භාවිතා කිරීමෙන් ඉහළ අස්වැන්නක් සඳහා සැලසුම් සකස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.