by Staff writer 11-06-2022 | 9:56 PM
COLOMBO (News 1st) - මන්නාරම, මඩුක්කරෙයි පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියේ වැඩකටයුතු අද(11) ආරම්භ කෙරිණි.
ඒ, ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් ලෙසය.
මන්නාරම දිස්ත්‍රික්කයේ නානාට්ටන් - වාක්කප්පට්ටාන් ප්‍රදේශයේ පිහිටි මඩුක්කරෙයි ගම්මානයේ ජනතාව දශක ගණනාවක් තිස්සේ උග්‍ර පානීය ජල අර්බුදයකින් පීඩා විඳිනු ඇති.
ගම්මානයේ ළිඳක් තිබුණ ද එහි ජලය ලවණතාවයෙන් ඉතා අධික වීම නිසා මිනිස්සුන්ට වතුර ගේන්න සිද්ධ වුණේ මුදල්වලටයි.
වතුරටිකක් ගන්න කිලෝමීටර් ගණනාවක දුරක් ගෙවාගෙන යන්න ජනතාවට සිදු විය.
මේ ගැටලුවලට අස්වැසිල්ලක් වෙමින් කඩිනම් ගම්මැද්ද ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් අද(11) ආරම්භ විය.
ඒ, ගම්මැද්දට ලැදී ධානපතියෙකුගේ ධන පරිත්‍යාගයෙනි.