.webp)
ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ(10) කොප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවනු ලැබිණි. එහිදී මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා මෙසේ සඳහන් කළේය.Re a statement made by the #lka CEB Chairman at a COPE committee hearing regarding the award of a Wind Power Project in Mannar, I categorically deny authorisation to award this project to any specific person or entity. I trust responsible communication in this regard will follow.
— Gotabaya Rajapaksa (@GotabayaR) June 11, 2022
මෙහෙමයි වුණේ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා මම හිතන්නේ ගිය නොවැම්බර් 24 වැනිදා වගෙ කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක ඉන්දිය අගමැති මෝදි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවයි කියලා. පස්සේ මම ඒ වේලාවේ කිව්වා මේකේ මේ මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි. මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.නෑ නෑ ඔයා මේක. මම ඒ හින්දා ලියුමක් ලියලා දැන්මා මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවාය කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කර ගන්න. මේක විදුලිබල මණ්ඩලයට අදාල ප්‍රශ්නයක් නෙමෙයි කියලා.