20,21හැම බජට් එකේම වැරදි ආර්ථික ප්‍රතිපත්ති තිබුණා

20 වැනි සංශෝධනය වගේ රටට අහිතකර දේවල්වලට ඡන්ද දුන්න නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ - අගමැති

by Staff writer 10-06-2022 | 8:24 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා හා ශානක්‍යයන් රාසමනික්කම් මන්ත්‍රීවරයා පිළිබඳව අදත් පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස් පළ කර තිබේ.

අවස්ථා කිහිපයකදී අගමැතිවරයා පළ කළ අදහස්වලට රාසමානික්කම් මන්ත්‍රීවරයා ප්‍රතිචාර දැක්වූයේ අද පස්වරුවේදීයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
මේ අවස්ථාවේදී අපේ විපක්ෂ නායකතුමා ඇතුළු මේ පක්ෂ මන්ත්‍රීවරුත් ඔක්කොම දුන්න කණගාටු ප්‍රකාශ කිරීම. ඒත් ඒක මන්ත්‍රීවරයෙක් ඒක කරේ නෑ. මේකට අනුබල දුන්නා. මම කියවන්නම් මැයි 20 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ ශානක්කියන් රාජපුත්ත්‍රන් රාසමාණික්‍යම් මැතිතුමා කියන එක. විසිවෙනි සංශෝධනය වගේ රටට අහිතකර දේවල්වලට ඡන්ද දුන්න නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ. 20 21 කියන මේ හැම බජට් එකේම ආර්ථික වැරදි ප්‍රතිපත්ති තිබුණා. 20,21 බජට් දෙකටම අත ඔසවපු මිනිස්සු නිසා තමයි ගෙවල් ගිනි තිබ්බේ. කුමාර වෙල්ගම මැතිතුමා ඒවා මුකුත් කරේ නැහැ. ජනතාව පාවාදීම සහ ජනමතය පාවාදීම නිසා තමයි ඒගොල්ලන්ට වුණේ කියන එක මතක තබා ගන්න.කොහොමද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් එහෙම කතා කරන්නේ? ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා ඝාතනය කරද්දී එතුමා විවේචනය කරලා කතා කළේ පිටින්. කොටි සංවිධාන. දැන් මේක ඇතුළෙන් කරනවා. මොකක්ද මේකෙ තේරුම? මේ පාර්ලිමේන්තුව වට කරද්දී එතන ඇවිල්ලා කිව්වා අපිට හානියක් වුණේ නැහැ කියලා. ඊළඟ දවසේ පෙරටුගාමී කුමාර් ගුණරත්නම් එක්ක පින්තූරෙත් තියෙනවා. පෙරටුගාමී ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කරන එකට කවුරුත් විරුද්ධ නැහැ. එකෙන් පිට කියන්නේ. ඉතින් මේකද මේ පාර්ලිමේන්තුවේ සිදුවෙන්නේ? මම ඔබතුමාට කියනවා එන පාර්ලිමේන්තු සතිය අවසන් වෙනකොට එතුමා කණගාටුව ප්‍රකාශ කරලා මේක ඉල්ලා අස් කර ගත්තේ නැත්නම් කතානායකතුමාට ඒක විභාග කරලා අදාල කොමිටියට දාලා අපිට වාර්තාවක් දෙන්න කියලා මම කියනවා. මෙහෙම ඒවා මේ සභාවේ වෙන්න බැහැ.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා,
අගමැතිතුමා විසින් මතු කරන ලද කාරණය පිළිබඳව විශේෂයෙන් සොයා බලා කටයුතු කරන්න කියලා ගරු කතානායකතුමාට මම දන්වනවා. දෙමළ ජාතික සන්ධානයේ පා.ම ශානක්කියන් රාසමානික්කම් මහතා, අද උදෑසන සිට මගේ නම විටින් විට ප්‍රකාශ වුණා. ඒ පිළිබඳ විනාඩියක කාලයක් තුළ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමති අද උදෑසන ගරු අග්‍රාමාත්‍යතුමා හය පාරක් අග්‍රාමාත්‍යතුමා වැරදි ප්‍රකාශයක් පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදි කරලා තියෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ පා.ම ශානක්කියන් රාසමානික්කම් මහතා,
මට සමාවෙන්න මට විනාඩි කාලයක් දෙන්න.
දෙමළ ජාතික සන්ධානයේ පා.ම ශානක්කියන් රාසමානික්කම් මහතා,
මට විවාදයක් නෙවෙයි මට විනාඩියක කාලයක් දෙන්න ඇත්ත වශයෙන්ම අද උදෑසන ඒ කරපු ප්‍රකාශය ඉතාමත්ම වැරදි ප්‍රකාශයක්. මම මේ අවස්ථාවේදී අමරකීර්ති අතුකෝරල මහත්මයා සහ ඒ පවුලේ සියලු දෙනාටම ශෝකය ප්‍රකාශ කරනවා මගේ විනාඩි 30 ක කතාවෙන් කෑල්ලක් අරගෙන ගරු අග්‍රාමාත්‍යතුමා ඒ ප්‍රකාශය කළේ ඒ නිසා මම මේ ප්‍රකාශය සභාගත කරනවා.ඕන කෙනෙක්ට අරන් බලන්න පුළුවන් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාත් මමත් එල්.ටී.ටී.ඊ. එකත් සම්බන්ධ කරලා කතා කරලා තියනවා. ඒ වගේම තමයි ජුනි මාසේ, මැයි මාස 6 වැනි දා මීට පෙරත් පිල්ලෙයාන් සමග මගේ සම්බන්ධයක් තිබ්බා කියලා බොරුවක් ප්‍රකාශ කරලා ඒ නිසා. මම කැමති ඒ වගේ
දෙමළ ජාතික සන්ධානයේ පා.ම ශානක්කියන් රාසමානික්කම් මහතා,
හය පාරක් අගමැතිතුමාගෙන් මම ඉල්ලා සිටින්න කැමතියි. එහෙම දේවල් කරන්න එපා කියලා එතුමාගේ ගැනත් අපි කතා කරනවනම් බටලන්දේ රිපෝට් එක වගේ දේවල් එළියට ගන්න පුළුවන්. බොහෝම ස්තුතියි.
මේ අතර අගමැතිවරයා පාර්ලිමේන්තුවේ පළකළ අදහස් පිළිබඳව සුමන්දිරන් මන්ත්‍රීවරයා අද පැවති පක්ෂ නායක රැස්වීමේදී පළකළ අදහස් පිළිබඳව අගමැතිවරයා නැවතත් පාර්ලිමේන්තු සභාවේදී අදහස් පළ කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
විශේෂයෙන්ම පාර්ලිමේන්තු කටයුතු කොමිටිය රැස් වුණේද්දි සුමන්දිරම් මන්ත්‍රිතුමා කියලා තියනවා මේ කතාව කිරීම වැරදියි. මෙතෙන්ට කිසිම අදාල කාරණයක් නෙමෙයි කියලා. ඔබතුමාත් ඇහුව නිසා දන්නවා අදාලයි කියලා. ඒ නිසා මේක ඉවත් කරන්න. කොහාමත් ඒ අයගේ විරුද්ධත්වය එතෙනදී ලියා ගන්න කියලා. ඒ කියන්නේ ඉතින් මම කියන්නේ එහෙම අයිතියන් නෑ කියලා. ඒ එක්කම මේ කොමිටියේ කොහොමත් ඒවා සාකච්ඡා කරන්න බෑ. රාසමානික්කම් මැතිතුමා ඔය කතාව කරද්දි සුමන්දිරන් මහත්මයා අල්ලපු ආසන හිටියේ. එතුමාගේ වගකීම තිබුණේ මේක නවත්තන්න. මගේ කතාව මේවා කරන්නේ. TNA මන්ත්‍රීවරුන් කියන එක රසමාණික්‍යම් මන්ත්‍රීතුමා අහන්නේ නෑ. මම TNA එකට විරුද්ධව මම කිසිම එකක් කියන්නේ නැහැ. ඒගොල්ලෝත් මේ ගැන කණගාටුයි. ඉතින් මේක නවත්තන්න තිබුණා. නැවැත්තුවේ නැහැ.
දෙමළ ජාතික සන්ධානයේ පා.ම එම්.ඒ. සුමන්දිරන් මහතා,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ අභාවයෙන් පසු එතුමා පිළිබඳ වූ ශෝක ප්‍රකාශ යෝජනාවේදී. පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා ආණ්ඩු පක්ෂය, විපක්ෂ සියලු දෙනා එකිනෙකාට චෝදනා කරන්නැතුව කටයුතු කළ යුතුයි කියන එක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය. එය අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දෙන ගෞරවය. මේක දීර්ඝ කාලයක් පවත්වාගෙන ආ සම්ප්‍රදායක් නමුත් අවාසනාවන්ත විදියට අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙසැරයක්ම සම්ප්‍රදාය උල්ලංඝණය කරා. පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ගැන විවේචන ඉදිරිපත් කරා ඒ ගැන කණගාටු වෙනවා. ඒ වෙලාවේ නැගිටලා මම ඒ ගැන පැහැදිලි කරොත් මමත් ඒ සම්ප්‍රදාය උල්ලංඝණය කරා වෙනවා. එම නිසා මම සභාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳව එතුමාට පැහැදිලි කරලා දුන්නා.