ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 10-06-2022 | 5:36 PM

COLOMBO (News 1st) - ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉංජිනේරු විජිත හේරත් මහතා අද (10) සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු ලිට්‍රෝ සභාපතිවරයා ලෙස වැඩ භාරගත්තේ පසුගිය අප්‍රේල් මස 21 වැනි දායි. ලිට්‍රෝ සමාගමේ මීට පෙර සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව විජිත හේරත් මහතා සභාපතිවරයා ලෙස පත් කළේ ය.