ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

බැසිල්ගෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

by Staff Writer . 10-06-2022 | 1:40 PM

COLOMBO (News 1st) –  බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීධුරය සඳහා ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසමට භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ද මෙය තහවුරු කරනු ලැබී ය.