ජුනි (13) සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

ජුනි (13) සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

by Staff writer 10-06-2022 | 4:55 PM

COLOMBO (News 1st) - ලබන සඳුදා (13) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ, පවතින ප්‍රවාහන අපහසුතා හා විදුලිය නොමැති අවස්ථාවන්හිදී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේ ගැටලුව සැලකිල්ලට ගනිමිනි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව දැනුම් දෙමින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එළඹෙන 14 වැනි දා එනම් අඟහරුවාදා පොසොන් පොහොය යෙදී තිබීම නිසා එදින ද රජයේ නිවාඩු දිනයකි.