කොරෝනා මූලාරම්භය විද්‍යාගාර අනතුරක්ද ?

කොරෝනා මූලාරම්භය විද්‍යාගාර අනතුරක්ද ? ගැඹුරු පරීක්ෂණයක් අවශ්‍යයි - WHO

by Staff Writer . 10-06-2022 | 3:34 PM

News 1st - කොවිඩ් වෛරසය කාන්දුවීම විද්‍යාගාර අනතුරක් විය හැකි ද යන්න පිළිබඳව ගැඹුරු පරීක්ෂණයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව කියා සිටියේ, කොරෝනා වෛරසය චීනයෙන් ප්‍රථම වරට අනාවරණය වී වසර දෙකකට පසු සහ වසංගතයෙන් ලොව පුරා අවම වශයෙන් මිලියන 6.3 ක් මිය ගිය යෑමෙන් අනතුරුවයි. මෙම ස්ථාවරය වසංගතයේ මූලාරම්භය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික තක්සේරුවේ තියුණු ආපසු හැරීමක් සනිටුහන් වන බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. චීන නිලධාරීන් ආරක්‍ෂා කරමින්, රසායනාගාර කාන්දු න්‍යායක් ඉවත දැමීමට හෝ අවතක්සේරු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉක්මන් වූ බවට බොහෝ විචාරකයින් මීට පෙර චෝදනා කර තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ නිගමනය කළේ, COVID-19 වූහාන් නගරයේ මිනිසුන් තුළට කාන්දු වන්නට ඇත්තේ රසායනාගාරයකින් යන්න අතිශයන්ම විය නොහැකි බවයි. බොහෝ විද්‍යාඥයන් සැක කරන්නේ කොව්ඩ් වෛරසය වවුලන්ගෙන්, සමහර විට වෙනත් සතෙකු හරහා මිනිසුන්ට ආසාදනය වන්නට ඇති බවටයි. එහෙත් බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද වාර්තාවක ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම පැවසුවේ, වසංගතය ආරම්භ වූ ආකාරය පැහැදිලි කිරීම සඳහා ප්‍රධාන දත්ත කොටස් තවමත් අතුරුදන් වී ඇති බවයි.