තෙල් මිල යළිත් වැඩි වෙයි ද?

ඉන්ධන දෙන්න සලාක ක්‍රමයකට යන්න වෙයි කියලා හිතෙනවා - කංචන විජේසේකර

by Staff writer 10-06-2022 | 9:16 PM

COLOMBO (News 1st) - ඉදිරියේදී සලාක ක්‍රමයකට ඉන්ධන ලබා දීමට සිදුවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,
හෙට අනිද්දා දවස් දෙක ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා පෙට්‍රල් සහ ඩීසල් තව නෞකා දෙකක් ගන්නත්, 16වැනි දා අයි.ඕ.සී. එකෙන් ඉන්දියානු ණය ක්‍රමයෙන් අවසාන ඉතුරුවෙලා තියෙන එකේ ඩීසල් එක බලාපොරොත්තු වෙනවා. 22 අපි තව බලාපොරොත්තු වෙනවා පෙට්‍රල් එකක්. එයා අනුව බලාපොරොත්තු වෙනවා බොර තෙල් නෞකාවක් විස්සට ඉස්සෙල්ලා තව දෙවැනි නෞකාව එන්න. දැන් මේ තියෙන මිල ගණන්. මේ තියන අගයන් තියෙන්නෙ අපේ සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදනය කරන ඒවා ඇරෙන්න. අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඉන්ධන තොග ලබා දෙන්න. නමුත් මම හිතනවා විකල්ප ක්‍රමයකට අගමැතිතුමත් යෝජනා කරා. යම් මම හිතනවා සලාක ක්‍රමයක් යන්න වෙයි කියලා.
තව ද ලෝක වෙළෙඳපොළේ මිල අනුව ඉන්ධන මිල අඩු හෝ වැඩි වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
ප්‍රශ්නය, ඊළඟ මිල වැඩිවීම අඩුවීමක් වෙයි ද? වැඩිවවීමක් වෙයි ද?
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,
ලෝක වෙළෙඳපොළේ මිල අඩු වෙලා ද? වැඩි වෙලා ද? ලෝක වෙළෙඳපොළේ මිල අනුව තමයි අපිට ඒක තීරණය කරන්න වෙන්නේ. ඔබ කියනවා නම් අඩුවෙලා කියලා එහෙනම් අඩු වෙයි වැඩි වෙලා නම් වැඩි වෙයි.