COLOMBO (News 1st) - පෙරේදා (08) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකශයක සඳහන් කරුණු ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (10) ප්‍රතික්ෂේප කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,
08-06-2022
නීතිවේදී සංගමය තමයි ජනාධිපතිතුමා හම්බවෙලා මැයි 8 වැනි දා ගිවිසුමකට ආවේ. ඔබතුමා දහනමවැනි සංශෝධනය ආපහු ගේනවා නම් ඔබතුමා විශේෂයෙන්ම විධායක ජනාධිපතිකම අහෝසි කරනවා නම් ඔබතුමාට ජනාධිපති හැටියට ඉන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ යෝජනාවේ වෙන එකක් නෑ. ඒගොල්ලෝ ගිහින් හම්බ වුණා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද නිවේනදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි තමන් ජනාධිපතිවරයා සමග කිසිදු එකඟතාවකට පැමිණ නැති බවයි.
තම සංගමය වෘත්තීමය සංවිධානයක් වන අතර ජනාධිපතිවරයා සහ නීතිඥ සංගමය අතර ගිවිසුමකට එළඹීම පිළිබඳව කරුණු කිසිම අවස්ථාවක මතුවී නැතැයි ද ඔවුන් අවධාරණය කරයි.
විධායක ජනාධිපති ක්‍රමය සහ 19 වෙනි සංශෝධනය අහෝසි කිරීමට එකඟවන්නේ නම් ඔහුට තවදුරටත් ධුරයේ රැඳී සිටිය හැකි බවට ද කිසිදු සහතිකයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලබාදී නොමැති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.