by Staff writer 09-06-2022 | 3:59 PM
COLOMBO (News 1st) – වී මෙට්‍රික් ටොන් 43,000 ක් සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කරන ලෙසට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ , මේ වනවිට වෙළෙඳපොළේ සහල් හිඟයක් සහ මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් එය පාලනය කිරීමේ පියවරක් ලෙස වී අලෙවි මණ්ඩලය සතු වී සහල් වශයෙන් සතොස මගින් බෙදා හැරිමට කටයුතු කරන ලෙසයි.
මේ වනවිට වෙළෙඳපොළ තුළ සියලුම සහල් වර්ග රුපියල් 230 ත් 270 ත් අතර මිලක පවතී.
අමාත්‍යවරයා පැවසුවේ , වී අලෙවි මණ්ඩලය මගින් ලබාදෙන සහල්වල තොග මිල සහ අලෙවි කළ හැකි මිල ගණන් ඊට වඩා අවම මට්ටමක පවතින බවයි.