by Staff writer 09-06-2022 | 6:20 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද(09) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 84 කින් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 කි.
ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 13 කි.
ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේදී ඡන්දයක් ඉල්ලා සිටියේ ය.