ලංවිම ඉංජිනේරු වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිති වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 09-06-2022 | 6:46 AM

COLOMBO (News 1st) - විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් විදුලිබල ඉංජිනේරුවන් ඇතුළු විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති කිහිපයක් ඊයේ(08) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා නිව්ස්ෆස්ට් සමග පැවසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති දුරකතන සංවාදයකින් අනතුරුව මෙම තීරණය ගත් බවය. ගැටලු පිළිබඳව අද දිනයේ සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වී තිබේ. මේ අතර ඊයේ (08) රාත්‍රියේ විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබිණි. කෙසේ වෙතත්, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම විසන්ධි වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේය. කොළඹ, මහනුවර, අනුරාධපුර, ත්‍රිකුණාමලය, කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට මොරටුව - රත්මලාන, ගල්කිස්ස, මීගමුව ආදී ප්‍රදේශවලට අද(09) අලුයම 4.30 සිට මෙලෙස විදුලිය විසන්ධි වූ බවයි අප වාර්තාකරුවන් කියා සිටියේය.