බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 09-06-2022 | 11:39 AM

COLOMBO (News 1st) - බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් අද(09) ඉල්ලා අස්විය.

ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කරනු ලැබුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ඉදිරියේදී රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවන බවත්, නමුත් දේශපාලනයේ නියැලෙන බවත් බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් එහිදී කියා සිටියේය.