by Staff writer 08-06-2022 | 4:18 PM
COLOMBO (News 1st); හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය.
ඒ පසුගිය 09 වැනිදා ගෝඨාගෝගම සහ මයිනාගෝගම අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවකු ලෙස ද නම් කර සිටී.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු ඇප මත මුදා හැරිණ.
ආරක්ෂක හේතුන් මත ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් නොකෙරිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ඇතුළු සැකකරුවන් සිව් දෙනෙක් ලබන 15 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.