පරිපුරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය

රුපියල් බිලියන 695 ක පරිපුරක ඇස්තමේන්තුවට පාර්ලිමේන්තු අනුමැතිය

by Hashini De Mel 08-06-2022 | 10:22 PM

COLOMBO (News 1st) - රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 695 ක පරිපුරක ඇස්තමේන්තුව අද(08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පරිපුරක ඇස්තමේන්තුව ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අනුමැතිය ද හිමි විය.