බැසිල් මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ අදහසක

බැසිල් රාජපක්ෂ හෙට මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමේ අදහසක..-පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්

by Staff writer 08-06-2022 | 5:05 PM

COLOMBO (News 1st) - බැසිල් රාජපක්ෂ මහතා හෙට (09) දිනයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ අදහසක ඇතැයි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ‌ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නිව්ස් ෆස්ට් කළ විමසීමකදී ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, හෙට දිනයේ බැසිල් රාජපක්ෂ මහතා සිය තීරණය දැනුම් දෙනු ඇති බවයි. මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පූර්ණ කාලිනව පක්ෂය මෙහෙයවීමේ කටයුතුවල නිරත වීම බැසිල් රාජපක්ෂ මහතාගේ අපේක්ෂාව වී ඇතැයි පොදු ජන පෙරමුණේ ඉහළ නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේ ය. මේ අතර හෙට පෙරවරු 11 ට බැසිල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ.