පාඨලී පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

පාඨලී පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

by Staff Writer . 08-06-2022 | 12:12 PM

COLOMBO (News 1st); අද (08)සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පාඨලී චම්පික රණවක පවසයි.

තමන් ඒ පිළිබඳව සමගි ජන බලවේගයේ නායකවරයා වෙත ද ලිඛිතව දැනුම් දුන් බව මන්ත්‍රීවරයා පැවසී ය. තව ද ඔහු සඳහන් කළේ, තමන් මෙම තීරණය ගනු ලැබුවේ කිසිවකු  කෙරෙහි ඇති පුද්ගලික තරහක් හෝ වෛරයක් නිසා නොවන බවයි.