T20 තරගාවලි⁣යේ ජය ඔස්ට්‍රේලියාවට

තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි T20 තරගාවලි⁣යේ ජය ඔස්ට්‍රේලියාවට

by Staff writer 08-06-2022 | 10:56 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා සමග පැවැති දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 3 කින් අද (08) ජය ගත්තේ ය.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස 20යි 20 තරගාවලි⁣යේ ජය ඔස්ට්‍රේලියාවට හිමිවිය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 5 ක් අවසානයේ කඩුළු 7 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ය . තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 124 කි. පළමු කඩුල්ල ලෙස දනුෂ්ක ගුණතිලක ලකුණු 4 කට දැවී ගිය අතර පැතුම් නිස්සංක ලකුණු 3 කට දැවී ගියේ ය. චරිත් අසලංක ලකුණු 39 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී කේන් රිචඩ්සන් කඩුළු 4 ක් දවා ගත්තේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් වෙනුවෙන් ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළේ නායක ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් එක්වයි. පළමු කඩුල්ල ලෙස ෆින්ච් ලකුණු 24 කට දැවී ගියේ ය. මිචෙල් මාෂ් ලකුණු 11 යි.