by Staff Writer . 08-06-2022 | 3:53 PM
COLOMBO (News 1st); ඉදිරියේදී උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, 2018,2019,2020 උපාධිධාරී යෝජනා ක්‍රමය යටතේ දැනට රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති වයස අවුරුදු 35 ට අඩු ගුරු වෘත්තිය සඳහා කැමැත්තක් දක්වන උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා පුරප්පාඩු පිරවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවයි.