by Staff Writer . 08-06-2022 | 4:04 PM
COLOMBO (News 1st); අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කළ බවයි.
ඊයේ පස්වරුවේ සිදුකළ සාකච්ඡාවේදී IMF කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කාණ්ඩයම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් එවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරීමට හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
ශ්‍රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කිරීම මත මූල්‍ය සම්බන්ධතා සාකච්ඡා රඳා පවතින බව ද අග්‍රාමාත්‍යවරයා එහිදි පැහැදිලි කර තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මෙම දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාවට සහාය වීමට IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය කැමැත්ත පළ කළ බවයි.