by Staff Writer . 07-06-2022 | 12:50 PM
COLOMBO (News 1st) – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් මිලියන දහයක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
ඒ, ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 6.5 මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකර ඇති බවට කළ පැමිණිල්ලකට අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.