විශ්වවිද්‍යාල 2කට නව උපකුලපතිවරු පත් කෙරේ

විශ්වවිද්‍යාල 2කට නව උපකුලපතිවරු පත් කෙරේ

by Staff Writer . 07-06-2022 | 3:39 PM

COLOMBO (News 1st) – නැගෙනහිර විශ්වවිද්‍යාලය සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය සඳහා අද නව උපකුලපතිවරුන් පත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා මහතා පත් කළ බවයි. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස  පත් කර ඇත්තේ, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. වික්‍රම සෙනෙවිරත්න මහතායි. නව උපකුලපතිවරු අද කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.