ඇමතිවරු වැටුප් නැතුව රට වෙනුවෙන් වැඩ

වසරක කාලයක් ඇමතිවරු වැටුප් නැතුව රට වෙනුවෙන් වැඩ

by Sagarika Chathumali 07-06-2022 | 12:41 PM

COLOMBO (News 1st) – ඉදිරි වසර තුළ අමාත්‍ය වැටුප් නොගෙන අමාත්‍ය ධුර දැරීමට කැබ්නට් අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, වර්ෂයක කාලයක් ඇමති වැටුපක් නොලබා රට වෙනුවෙන් ක්‍රියා කිරීමට එකඟ වූ බවයි. ඒ අනුව අමාත්‍යවරයකෙුට ලැබෙන දීමනා ද ලබා නොගන්නේ දැයි, මෙහිදී මෙහිදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියේ ය. ඊට කැබිනට් ප්‍රකාශකවරයා දුන් පිළිතුර...
''මම නම් මේ පිළිබඳව නිශ්චිත සංඛ්‍යා දත්ත ගැන අවබෝධයක් නෑ. කුඩා වැටුපක් තියෙන්නේ, ඇමතිවරයෙකුට මංහිතන්නේ රු. 65000ක්. දීමනා කියලා ඇමතිවරයෙකුට වැඩිම ලැබෙන්නෙ ඉන්ධන සඳහා වන දීමනාව. ඉන්ධන නැතිව රාජකාරී කරන්න බෑ''